මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

Gossip

මට දරුවෙක් හදාගන්න ආස හිතුනේ අවුරුදු 14 දි15 වගේ, දෙවෙනි ඉනිමේ සුටින් ගිය පලවෙනි දවසෙම රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද?
මට ඕන දෙයක් දරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හින්දා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

ඔබ දුක් වූ අවස්ථා ඇත්තෙම නැද්ද?
අ‍පොයි තියෙනවා. විවිධ වයස් කාණ්ඩවලදී විවිධාකාර විදියට දුක විඳලා තියෙනවා. හැබැයි ඒ හැම දේටම ඒ ඒ අවස්ථා අනුව මුහුණ දුන්නා.

ඒ අවස්ථා අතුරින් දුක දරාගන්නට බැරිවූ අවස්ථා තියෙනවාද?
ඔව්. ඔය කියන අත්දැකීමේදී “දුක” විතරක් ‍නෙවෙයි. ලොකු බයකුත් ඇති වුණා.

ඒ දුක්බර අත්දැකීම කියන්න කැමතිද?
කියන්නම්. එතකොට මගේ දුව ඉපදිලා දවස් 20යි. කිරි දෙනකොට දුවට කිරි හිර වුණා. එයා හුස්ම ගන්නේ නැතුව ගියා. මහත්තයත් ගෙදර හිටියේ නැහැ. අම්මයි මමයි විතරයි හිටියේ. මට දුව වඩාගෙන වාහනේ පදවන්නත් බැහැනේ. මම නයිටිය පිටින්ම දුවවත් වඩාගෙන මහ පාර දිගේ දිව්වා. ඉස්පිරිතාලෙට යනතුරුම දුව හිටියේ සිහි නැතුව. එයා පියවි සිහියට එනතුරුම මම හිටියේ පියවි සිහියෙන් ‍නෙවෙයි.

ඔබ ජීවිතයේ වැඩියෙන්ම සතුටු වූ අවස්ථාව මතකද?
මගේ දුව ඉපදිලා මගේ තුරුලට ගෙනැත් දීපු මොහොත. ඒක මම කාලාන්තරයක් තිස්සේ තිබුණු බලා‍පොරොත්තුවක් ඉටු වූ මොහොතක්.

ඒ කියන්නේ හිමාලි දරුවෙක් ගැන දීර්ඝ කාලයක ඉඳන් සිහින මවලා තියෙනවා.
ඇත්තම කිව්වොත් ඔව්. මම පුංචි කා‍ලේ ඉඳන් පුංචි බබාලාට හරිම ආදරෙයි. කවදා හරි මගේම දරුවෙක් මගේ තුරුලට අරගෙන හුරතල් කරන හැටි මම හීන මැවුවේ වයස 14-15 කා‍ලේ ඉඳන්.

දරුවන් ලැබුණාම රූපය වෙනස් වෙනවා කියලා දුකට පත්වන අයත් ඉන්නවා නේද?
එහෙම හිතන කාන්තාවන්ට මම කියන්න කැමතියි සැලෝන්වලට ගිහින් නිය‍පොතු ලස්සන කරගෙන, ලබන සතුටට වඩා වැඩිය දහස් ගුණයක සතුටක් තමන්ගේ දරුවකු දකිනකොට දැනෙනවා කියලා. අනික දරුවෙක් ලැබුණාම කැත වෙනවා කියන්නේ වැරදි මතයක්. එහෙම වෙන්නේ නැහැ.

එදා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ පෙම්වතිය වූ ඔබ අද පුංචි තිරයේ පෙම් කරන වයසේ පුතෙකුගේ මවක් බවට පත් වෙලා. ඒක ඔබට සතුටක්ද දුකක්ද?
හා හා පුරා දෙවැනි ඉනිම ෂුටිං ගිය දවසේ රවීන් දැක්කම මම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහගත්තා.

ඒ සතුටටද දුකටද?
ටෙලි නාට්‍යයේ මගේ පුතා ඩී්‍රම් ස්ටාර් එකෙන් ආපු රවීන් කිව්වාම මට රවීන් ගැන මතකයක් තිබුණේ නැහැ. මම හිතුවේ අවුරුදු 14-15 ළමයෙක් කියලා. රවින් දැක්කම මට හිතුනා මට මෙච්චර ලොකු පුතෙකුගේ අම්මෙක් වෙන්නද තියෙන්නේ කියලා. ඒත් ඉතින් මම ඒ අභියෝගය බාර ගත්තා. මොකද ඒක චරිතයක්නේ. මම මට ලැබුණු හැම චරිතයක්ම උපරිමයෙන් කරන්න වෙහෙසෙනවා. මේ චරිතයත් ඒ වගේ. අද මට ඒ චරිතය රඟපාන එක බොහොම සතුටක්.

චරිතයක් සාර්ථක වුණාම ඒ විදියටම චරිත තුළට නළු නිළියන් කොටු කරනවා. හිමාලිව දිගටම තරුණ නළු නිළියන්ගේ අම්මගේ චරිතය ලැබුණොත් නම් හිතට ‍පොඩි දුකක් ඇතිවෙයි නේද?
එහෙම වෙන්නේ නැහැ. ඒ විදියට දිගටම තරුණ නළු නිළියන්ගේ අම්මගෙ චරිත ලැබුණොත් මම භාරගන්නේ නැහැ.

හිමාලි ආදරය වැඩිපුරම විඳලා තියෙන්නේ සතුටක්ද දුකක්ද?
ආදරේ කරලා ඔය අත්දැකීම් දෙකම මම විඳලා තියෙනවා. හැබැයි ආදරේ දුක්බර අත්දැකීමක් නම් මම එතැන රැඳෙන්නේ නැහැ. එතැනින් මිදිලා වෙනත් කටයුත්තක යෙදෙනවා.

ඔබ හිතන විදියට වැඩිපුරම සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතයේ සතුට රැඳෙන්නේ සැහැල්ලුව ඒ තුළ තියෙන හින්දා. විවාහ ජීවිතයේ වගකීම් තියෙනවා. ඒත් දරුවෝ ඉන්නකොට ආදරය කරන්න දුක සැප බෙදාගන්න තියෙනවා. එහෙම බලද්දී මට නම් හිතෙන්නේ ඔය දෙකෙන් වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ විවාහ ජීවිතය තුළ කියලා.

ආරියවංශ කුලතිලක

No Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Gossip
හොඳ පදමට බීපු මාවනැල්ලේ කෙල්ලෙක්ට කොල්ලෝ 11ක් එකතුවෙලා කරන්න තියන සේරම කරලා

පිටරටනම් කෙල්ලෝ කොල්ලොත් එක්ක එකතුවෙලා හොඳ පදමට බීලා බීලා පිස්සු නැටුවට ලංකාවේ අපේ රටේනම් ඒ දේ සාමාන්‍ය දෙයක් විදියට සලකන්නේ නෑ එහෙම දෙයක් වුනත් වෙන්නේ ගොඩක් කලාතුරකින් අපි මේ කියන්න යන්නේ මාවනැල්ල පැත්තේ වුණ ඒ වගේ සිද්ධියක් ගැනයි කොල්ලොත් එක්ක මියුශිකල් එකක් බලන්න ගිහින් බීපු කෙල්ලෙක්ට අන්තිමට සිහිය නැතිවෙනකම් වද …

Gossip
මහවැව අම්මා 12වියැති දියණියව 19යේ පෙම්වතාට දූෂණය කරන්න දීලා බලන් ඉදලා

බාලවයස්කාර දැරියන් වැඩිපුරම දූෂණය වන රවල් අතරේ ලංකාවත් ඉන්නේ අද සමාජය ගැන මහත් කලකිරීමක් ඇති කරමිනුයි මේ කියන්න යන්නෙත් බාලවයස්කාර දැරියකට වෙච්ච අසාධාරණයක් අපරාධයක් ගැනයි වයස අවුරුදු 12 ක බාල වයස්‌කාර පාසල් සිසුවියක් දැරියගේ මවගේම කැමැත්ත මත ලිංගික අතවර සිදුවූ පුවතක් වාර්තා වෙනවා ඒ මහවැව ප්‍රදේශයෙන් මෙලෙස මවගේම කැමැත්තෙන් පාසල් …

Gossip
කොට්ටාවේ දී තරුණයෙක් බස් එකෙන් වැටිලා රෝදෙට හසුවුණ හැටි අවසානයේ ඔහුට සිදුවුන දේ ඔබට අදහාගත නොහැකි වෙයි

කොට්ටාවේ දී තරුණයෙක් බස් එකෙන් වැටිලා අනූ නවයෙන් බේරුන හැටි සංවේදී අය බලන්න එපා.